දහවලට වසින වැස්සට වඩා රාත්‍රියට වැටෙන වැස්සට මා කැමති ඇයිදැයි මට තවමත් තේරුම් ගන්නට අපහසුයි. එහෙත් රාත්‍රියට වැසි වසින විට මට "Manuscript found in Accra" පොතේ පාවුලෝ කොය්යෝ ලියූ දෙයක් මතක් වෙනවා...
"හුදෙකලාවෙන් තොරව ආදරයට දිගු කලක් පැවතිය නොහැකිය.
ඒ ආදරයටද ඇතැම් විටෙක විවේකයක් අවශ්‍ය නිසාය. ලෝකය පුරා පමණක් නොව ස්වර්ගය පුරා ද කර ක් ගසා යළි පැමිණීමට ආදරයට කාලය අවශ්‍ය නිසාය.
හුදෙකලාවෙන් තොරව ගහ කොලකටද, සතා පිවුපාවෙකුටද පැවැත්මක් නොමැතිය. කිසිදු ආධ්‍යාත්මයකට පවතින්නට නොහැකිය. කිසිදු දරුවෙකුට ජීවිතය ගැන ඉගෙන ගන්නට නොහැකිය. කිසිදු කලාකරුවෙකුට නිර්මාණයක් කරන්නට නොහැකිය. කිසිදු ක්‍රියාවලියක් පරිපූර්ණ කරන්නට නොහැකිය.
හුදෙකලාව යනු ආදරයෙහි හිස් වීම නොවේ. එය ආදරයේ අඩුව පුරවන්නකි. හුදෙකලාව යනු කිසිවෙකු ළඟ නැති වීම නොවේ. එය තමන්ගේ ආත්මයට තමන්ටම කතා කරන්නටත්, තමන්ගේ ජීවිතය ගැන සිතන්නත් අවස්ථාව ලබා දෙන මොහොතකි.
හුදෙකලාවට බය නැති අය භාග්‍යවන්තයෝය. ඔවුන් තමන්ගේම ආත්මය සමග සිටීමට බය නැති අයයි. ඔවුන් හැම තිස්සේම කරන්නට යමක් හෝ හිතන්නට යමක් නොසොයන අයයි.
ඔබ කිසිදාක හුදෙකලා වී නැති නම්, ඔබට කිසි දින ඔබ ගැන දැන ගැනීමට නොහැකිය. ඔබ ගැන ඔබ දන්නේ නැති විට ජීවිතයේ තිබෙනවා සේ පෙනෙන නොයෙක් හිස් තැන් ගැන ඔබ බිය වෙන්නට පටන් ගනී.
එහෙත් එලෙස 'හිස් තැන්' කියා දෙයක් ජීවිතයේ නැත. ඔබේ ආත්මය තුළ ඔබ කිසිදා සොයා නොගත් සුවිසල් ලෝකයක් නිහඬව, සැඟවී තිබේ. ඒ විසල් බව නිසාම එබඳු ලෝකයක් ඔබ තුළම පවතින බව පිළිගන්නට පවා ඔබ මැළි වෙයි. එය නොසොයාම සිටින්නට ඔබ හැකි තාක් උත්සාහ කරයි.
ආදරය යනු දේවත්වය නම් හුදෙකලාව යනු මනුෂ්‍යත්වයයි. ජීවිතයේ ආශ්චර්යය ගැන දන්නා කෙනෙකුට ආදරය හා හුදෙකලාව ඉතා සාමකාමීව එකට ජීවත් වෙන බව තේරුම් ගන්නට අපහසු නැත..."
පාවුලෝ කොය්යෝ කියන කතාව ඇත්ත.. කාලයත් සමග ජීවිතය දළු ලමින් අලුතින් ලියලන්නේ නැති වුවත් එහි පෙති හැකිළෙන රටාව බොහෝ විට ඉතා සුන්දරයි. මහගමසේකර කවියක ලියූ පරිදි එසේ හැකිළී අවසානයේ සුළඟේ විසිර යන පෙති අතර බොහෝ රූ රටා සොයා ගත හැකියි. සුළඟේ විසිරෙන මල් පෙති අතරින් ජීවිතය යළි පෙනෙන මොහොත බෙහෙවින් සුන්දරයි. කොතෙක් සුන්දර වුවත් බොහෝ දෙනෙකු එලෙස විසිර යන පෙතිවලට බයයි.
ඇතැම් වැසිබර දිනෙක සවසට මා කිසිදු හේතුවක් නොමැතිව කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක් හවුස් පැත්තේ සිට කොටුව දුම්රිය පොළ පිවිසුම පසුකොට ගාමිණි හෝල් පැත්තට ඇවිද යනවා. පත්තරකාරයෙකුගේ රැකියාව රටේ හෝ ලෝකයේ සිදු වන හැම දෙයකම පාහේ හේතු-ඵල සම්බන්ධය හෙවීම නිසා හේතු-ඵල සෙවීමේ ක්‍රියාවලියෙන් මිදී ගෙවන එක මොහොතක් වුවත් ජීවිතයට විරාමයක්. කොටුවේ දුම් රිය පොළ පිවිසුම් ගේට්ටුවට මෙපිටින් බේරේ වැවේ දුර්වර්ණ දිය දහරට ඉහළින් වැටී ඇතී පාලම මත දී මට සත්‍යජිත් රායිගේ චිත්‍රපටයක දසුනක් මතක් වෙනවා. ඒ පාලම මතදී බොහෝ මිනිසුන් මා පසු කර වේගයෙන් ඇවිද යන්නේ ඔවුන්ට දුම්රියක් හෝ බස් රථයක් අල්ලා ගත යුතුව ඇති නිසා විය යුතුයි. එහෙත් වේගයෙන් ඇවිද යන විට මිනිසුන්ට ජීවිතය අතරමග මග හැරෙනවාද? මොහොතක් නතර විය යුතු තැන්, විරාමයක් ලද යුතු තැන්, සෙමින් ගමන් කළ යුතු තැන් ගැන සිතන්නට ඉස්පාසුවක් ලැබෙනවාද?
ඒ අවකාශය ඔවුන්ට නොලැබෙන බව මගේ විශ්වාසයයි.
එහෙත් අනාගතයේ කවදා හෝ දිනක දුම්රියක් හඹා යාමේ අරමුණින් තොරව ඒ මාවත දිගේම නිදහසේ දුම්රිය පළ දෙසට ඇවිද යන දවසක ඔවුන්ට මග හැරුණු ජීවිතය යළි මුණ ගසෙනු ඇති. සත්‍යජිත් රායිගේ චිත්‍රපටයක දසුනක් ලෙසින් හෝ, පාට බොඳ වී ගිය සිතුවමක් ලෙසින් හෝ සිහින් හඬකින් ඇසෙන මියුරු ගීතයක් ලෙසින් ජීවිතය යළිත් ගෝචර වන්නට පටන් ගනීවි.
පාවුලෝ කොය්යෝ ආදරය සහ හුදෙකලාව ගැන කියූ කතාවට මා මෙතරම් ආදරය කරන්නේ ඒ නිසයි.

* * *
(රසික ජයකොඩි 09 - 05- 2014 )
Comments
Post a Comment